යාල රක්ෂිතයේ කලාප (iii) සහ (iv) වල නිතර සැරිසරමින් සිටි සැන්ඩෝ නමින් හැඳින්වෙන දළ ඇතාගේ ඇට සැකිල්ල රක්ෂිතයේ වැලිආර ආයකපොල්ල ප්රදේශයේ තිබී (16) වෙනිදා වනජීවී නිලධාරීන්ට හමුවී ඇත.
ඒ පිළිබඳව ගෝනගංආර පොලීසියට වනජීවී නිලධාරීන් සිදුකළ පැමිණිල්ලේ සඳහන්වන්නේ මෙම ඇතා වසරක පමණ කාලයක සිට නොදුටු බවත් හමුවූ ඇට සැකිල්ල ඇතාගේ බවට සැකකරන බවයි. ඇටසැකිල්ලෙන් දළ සහ දත් ද වලිගයේ කෙඳිද තිබී නැත.
කිසියම් පිරිසක් විසින් දළ ඇතා ඝාතනයකර ඇතාගේ මෙම කොටස් රැගෙන යන්නට ඇතැයි පොලීසිය සැක පළකරයි. ගෝනගංආර පොලිස් ස්ථානාධිපති වසන්ත බණ්ඩාර මහතා ඇතුළු ගල්ගේ වනජීවී අඩවි කාර්යාලය මඟින් පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක