කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු යාපනය දිස්ත්‍රීක්කයෙන් වාර්තාවීම හේතුවෙන් එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පූර්ණ විෂබීජහරණයක් සිදුකිරීමට පොලීසිය, පොලිස් විශේෂකාර්ය බලකාය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් මේ දිනවල පියවර ගෙන ඇත.
උතුරු ප්‍රදේශයේ යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් කොරෝනා අසාදිතයින් 7 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මේ වන විටත් යාපනය දිස්ත්‍රීක්කයට නොකඩවාම ඇඳිරිනීතිය පැනවීමට රජය විසින් පියවර ගෙන ඇත.
යාපනය අරියාලෙයි , පූම්බුකාදර් ගම්මානයන්හි කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශයන්හි නිවාස පොදු ස්ථාන ඇතුලු සියල්ලක්ම විෂබීජහරණය කිරීමට පොලීසිය විසින් පියවර ගෙන ඇත.
එමෙන්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වූ යාපනයේ පවුල් නිරෝධායනය කිරීමටද යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් හා පොලීසිය විසින් පියවර ගෙන ඇත.