යාපනය දිස්ත්රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව සිටි තරුණ අපෙක්ෂක්යෙකු හට ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23දා) දින මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පැවසීය.
යාපනය වැල්වැටිතුරෙයි ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි සෙන්දිවේල් තිමිළණියන් නමැති අපේක්ෂකයා මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයෙන් (තැපල් පෙට්ටියෙන්) වැල්වැටිතුරෙයි උඩුප්පිඩ්ඩි ආසනය වෙනුවෙන් තරග වැදීම සඳහා අපේක්ෂකත්වය ලබාගෙන තිබේ.
දින 4 කට පෙර ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඔහු යාපනය වැල්වැටිතුරෙයි රෝහලට ඇතුළත් කොට පසුව වැඩිදුර ප්රතිකාර සඳහා පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කළ අතර පසුව එම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලස මිය ගොස් ඇත.මිය ගිය අපෙක්ෂකයා මීට පෙර වැල්වැටිතුරෙයි නගරසභාවේ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නාගරික මන්ත්රීවරයෙකු වශයෙන්ද කටයුතු කර තිබේ.