ගම්පහ දිස්ත්‍රික්කය සදහා පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 19 දෙනෙකු දක්වා ඉහළ යන බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි මෙතෙක් පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 18 ක් වන අතර දිස්ත්‍රික්කයේ ඡන්ද සංඛ්‍යාව පදනම් කරගනිමින් මෙලෙස මන්ත්‍රී ධූරයක වැඩිවීම සිදුවන බව දිසාපතිවරයා සදහන් කළේය.
පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රී ධූර 225 සංයුතිය තුළ මෙම වැඩිවීම සිදුවන අතර යාපනය දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධූරයක අඩුවීමක් සිදුව ඇත.
ගම්පහ තිලකරත්න දිසානායක