චින ප්රඡාවට යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කුඩැල්ලන් වගා කිරිමට අවසර ලබා දි නොමැති බවත් යහපාලන සමයේ එක් චින සමාගමකට මුහුදු කුඩැල්ලන් අභිජනනය කිරිම සදහා අවසර ලබා දි තිබුනද. වර්ථමානයේදි එම ආයතනයේද බලපත්‍ර අවලංගු කිරිමට තමා අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2024/06/17 දින යාපනයේ දිස්ත්‍රිකයේ මුහුදු කුඩැල්ලන් වගා කරුවන් සමග පැවති සාකච්ඡාවකදි ප්‍රකාශ කර සිටියේය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මුහුදු කුඩැල්ලන් වගා කිරිම තුලින් යාපනය ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථීක තත්වය වැඩි දියුණු කිරිම සදහා පියවර ගනිමින් සිටින බවද වගා කරුවන් මුහුණ පා සිටින ප්‍රයෝගික ගැටලු වලට විසදුම් ලබා දිමට තමන් අවශ්‍ය උපකාර ලබා දෙන බවද පැවසිය.මෙම ප්‍රදේශයේ තිබෙන ස්වාභාවික සම්පත් යෙදා ගෙන ප්‍රදේශයේ ජනතාවට විශාල අස්වැන්නක් ලබා ගැනිමට කටයුතු කලයුතු බව තමාගේ බලාපොරේත්තුව බවද පැවසු අමාත්‍යවරයා ජනතාවට ආදායම් ලබා ගැනිමට උදාවන අවස්ථාවන් නිසි ආකාරයට යොදා ගෙන සිය ජිවනෝපාය සංවර්ධන කරගතයුතු බව තමාගේ අදහස බවද ප්‍රකාශ කලේය. මුහුදු කුඩැල්ලන් වගාව විශාල වශයෙන් දියුණුවට පත් වි ඇති බව ප්‍රකාශ කල අමාත්‍යවරයා ජනතා ද්‍රෝහි දේශපාලඥයන්ගේ බොරු වලට රුවටිමට අවශ්‍ය නැති බවද. පවතින යතාර්තය තේරුම් ගෙන කටයුතු කර සිය ජිවනෝපාය ජයගතයුතු යැයිද පැවසිය.
පසු ගිය කාලයේ ජනතාව විවිධ ආණ්ඩු විරෝධි දේශපාලඥයන් විසින් මුහුදු කුඩැල්ලන් වගාව පිලිබද වැරදි ප්‍රචාරයන් කරමින් ජනතාව එම රැකියාවෙන් ඉවත් කිරිමට කටයුතු කල නිසා සිදුවු විනාශය තුලින් මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජිවනෝපාය පසු බැමකට ලක්වුණු බවද මින් පසු ජනතාව එම අණ්ඩු විරෝධි දේශපාලඥයන්ගේ වචන වලට නොවැරටෙන බව තමන්ට විශ්වාස බවද ප්‍රකාශ කලේය.
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රිකයේ ධීවර දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක සුදාකරන්, උතුරු පළාතේ නැක්ඩා ආයතනයේ නියෝජය අධ්‍යක්ෂක නිරුප රාජ්, වේලෛනයි ප්‍රදේශිය ලේකම් සිවකරන් ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි විය.