කාබනික ගොවිතැනට යොමුවිය යුතුය යන තීරණය කටින් සහ ඇගෙන් ගත් තීරණයක් බවත් මෙම තීරණ නිසා මහකන්නයේ ගොවීන් මුහුණ දී තිබෙන ගැටලුවට විසඳුම් සෙවීමට සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරමු යන යෝජනාව ඉදිරිපත් කරන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ අද (21දා) පැවති පොහොර පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර වස විසින් තොර ආහාර මෙන්ම වසවිසින් තොර පොළවක් සඳහා විරුද්ධත්වයක් නොමැති බව සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා,
“මේ තීන්දුව පිළිබඳ ඔබතුමන්ලා ගේන කරුණු 3ක් තිබෙනවා. එකක් තමයි කොමිපැනිකාරයෝ මිලදී අරගෙන. දෙවැනි කාරණය මේ වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට ප්‍රභල හේතු සාදකයක් වී තිබෙන බව. ඒ සඳහා විවිධ පර්යේශන පත්‍රිකා ඉදිරිපත්ව තිබෙනවා. ඒ පර්යේෂ පත්‍රිකා වල විවිධ අදහස් ඉදිරපත් වෙලා තිබෙනවා.
මේ අර්බුදය අසත්‍ය හැගීම්බර කරුණු වලින් මේක බේරන්න බෑ. ඇත්ත ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙන්නේ. ග්‍රාමීය ජනතාවගේ ජීවන මාර්ගය ගැට ගැසී තිබෙන ප්‍රධාන ප්‍රභවයන් තමයි ඔබ මේ ප්‍රශ්න කරන්නේ. වී ගොවිතැන එම ජනතාවගේ ප්‍රධාන ආර්ථික මාර්ගය. එළවලු ගොවිතැන එම පළාත් වල ගොවිජනතාවගේ ආර්ථික ප්රභවය. අපි මේ තීන්දු තීරණ ගන්නේ තමන්ගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් තිබෙන ප්‍රධාන ආර්ථික ප්‍රභවයක් පිළිබඳව.
ඒ නිසා එවැනි තීන්දුවක් ගන්නකොට මීට වඩා විශාල සැලකිලිමත්වීමක් විය යුතුව තිබුණා. තමුන්නාන්සේලා යලේ තීන්දුවක් අරගෙන මහේ නතර කරනවා. අප්‍රේල් මාසයේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නවා. මැයි මාසයේ 06 වැනිදා ගැසට් පත්‍රය නිකුත් කරනවා. මහ කන්නයේ ප්රශ්නය එනවා. ඒකෙන් පේනවා මේ තීන්දුව ගත්තේ කටෙන් සහ ඇගෙන් විතරයි. මේ තීන්දුව නිවැරදි විද්‍යාත්මක ප්‍රවේශයක් අනුව ගත්තේ නෑ.
ගැටලු ඇති වුනාට පස්සේ විවිධ තීන්දු ගන්නවා. ඒ නිසා වස විස වලින් තොර මහපොලොවක්, වසවිසින් තොර ආහාර වෙනුවෙන් දරන ප්රයත්නය පිළිබඳ අපේ ගැටලුවක් නෑ. දැන් ඇතිවී තිබෙන ප්‍රශ්නයට අපි කතා කරමු මොකක්ද කරන්නේ කියලා.” යනුවෙන්ද සඳහන් කළේය.