තෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට 04/04 දින රාත්‍රී පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී මහත් හරසරින් පිළිගැනීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතී.
ඒ අනුව තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රැගත් විශේෂ ගුවන් යානය වෙනුවෙන් , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ පිටත්ව යන ගුවන් යානා වල කාළසටහන ද මද වෙනසකට ලක් කර තිබේ.
මීට අමතරව එතුමා ශ්‍රී ලංකාව තුළ ආරක්ෂිතව ගමන් කිරිම සදහා විශේෂිත " ලිමොසින් " වර්ගයට අයත් ප්‍රභූ ආරක්ෂක මෝටර් රථයක් මෙන්ම , එම රථ පෙළෙහි ආරක්ෂාව සදහා ගමන් කිරිමට තවත් ආරක්ෂක පරිවාර රථ සමූහයක් ද මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ.
එසේම ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා පෙළක් ද මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
එමෙන්ම ඉන්දීය ආරක්ෂක නිලධාරීන් , එරට බුද්ධි අංශ නිලධාරීන් විශාල පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයේ රාජකාරී සදහා යොදවා තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දක්වාත් , ගුවන් තොටුපොළ සිට මග දෙපස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පිංතූර , ශ්‍රී ලංකා - ඉන්දීය ජාතික ධජ වලින් ද සරසා අලංකාරවත් කර තිබේ .
එසේම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමුණෙතැයි විශ්වාස කරන පස්වරු 06.00 සිට රාත්‍රී 10.00 දක්වා කාළය තුළ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය වරින් වර වසා තැබීමට ද පොලීසිය පියවර ගනිමින් සිටිති .