නාරාහේන්පිට මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලයේ තිබූ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ පොත් 12 ක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයට අනුයුක්තව සේවය කරන සියළු සේවකයින්ගේ දුරකථන විස්තර වාර්තා බොරැල්ල පොලිසියට දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා දුරකථන සමාගම් හතරක කළමණාකාරවරුන්ට අද (30දා) නියෝග කළේය.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයේ තිබු සම්පූර්ණ නොකරන ලද පොත් 12ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කිරීම සඳහා එම කාර්යාලයේ සේවය කරන සියලු සේවකයින්ගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට අවසර දෙන්නැයි බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා එලෙස නියම කළේය.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයේ තිබු සම්පූර්ණ නොකරන ලද පොත් බාරව සිටි ලිපිකාරණියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශන වල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ බොරැල්ල පොලිසියේ නිලධාරීහු මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයේ සී.සී.ටී.වී. කැමරා සවිකර නැති හෙයින් කාර්යාලයේ තිබූ ඇඟිලි සටහන් අනුව ඉදිරි විමර්ශන කරන්නේ යැයි කීහ.
මෙම විමර්ශන සඳහා පසුගිය සැප්තැම්බර් 25 වැනිදා සිට මේ දක්වා එම කාර්යාලයේ සේවය කළ සේවකයන් 08 දෙනාගේ දුරකථන වලට ලැබුණු හා දුරකථන වලින් ලබාගත් ඇමතුම් පිළිබඳ විස්තර වාර්තා කැඳවීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටි බොරැල්ල පොලිසියේ නිලධාරීහු පිටස්තරින් මෙම කාර්යාලය තුළට පැමිණි පුද්ගලයකු වාහන ලියාපදිංචි කරන මෙම පොත් සොරකම් කර ඇත්ද? නැත්නම් කිසියම් පාර්ශවයකගේ දැනුවත්කමින් මෙම පොත් අස්ථානගතවීද යන්න පිළිබබඳ හෙළිකර ගැනීම ස`ඳහා ඉදිරි විමර්ශන කරන්නේ යැයිද කීය.
එක් පිළිවෙළට තිබූ වාහන ලියාපදිංචි කරන පොත් 12ක් මෙලෙස අතුරුදහන් වී ඇතැයි දැනුම් දෙමින් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයට අනුයුක්තව සේවය කරන සිය`ථ සේවකයින්ගේ දුරකථන විස්තර වාර්තා බොරැල්ල පොලිසියට දෙන ලෙස දුරකථන සමාගම් හතරක කළමණාකාරවරුන්ට නියෝග කළ මහෙස්ත්රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් අනාවරණය කරගෙන ඔවුන් වහාම අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.