අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් එකම ස්ථානයේ සිට නැරඹිය හැකි සුවිශේෂ උද්‍යානයක් වන මින්නේරිය ජාතික උද්‍යානයට 2024 මාර්තු මාසයේ සිට අලින්ගේ පැමිණීම විශාල ලෙස පහත බැස ඇති බව ජාතිකවිගණන කාර්යාලයේ කාර්ය පරිවාරික අංශය මගින් ජුනි මස 08වන දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන්වේ.
මෙම උද්‍යානය තුළ ආක්‍රමණශීලී ශාක රාශියක් පැතිරීම හේතුවෙන් උද්‍යානයේ තෘණ භූමි පැතිර පවතින වපසරිය අඩු වීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. එමෙන්ම මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හේතුවෙන්ද මින්නේරිය ජාතික උද්‍යානයට වාර්ෂිකව අලි ඇතුන් පැමිණීම අඩු වී ඇති බවද අනාවරණය වී ඇත.
මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන් මින්නේරිය ජාතක උද්‍යානයට පැමිණෙන අලි සංඛ්‍යාව අඩු වී ඇති බව හිටපු වන ජීවි අධ්‍යක්ෂජනරාල්වරයා විසින් 2023 ජනවාරි මස කරනු ලැබූ පර්යේෂණයකදී අනාවරණය වී ඇති බව විගණනයට සඳහන් කරයි.
මෙකී උද්‍යානයට අලි ඇතුන් වැඩිපුර පැමිණෙන්නේ සෑම වර්ෂයකම සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදීය. අධ්යක්ෂ ජනරාල්වරයා කරනු ලැබූ පරීක්ෂණවලට අනුව 2017 සිට 2022 වර්ෂය දක්වා අලින්ගේ පැමිණීම 12%කින් අඩු වී ඇත.
මින්නේරිය ජාතික උද්‍යානයේ හෙක්ටයාර් 1160ක පමණ තෘණ භූමියකින් යුක්ත වන අතර, තෘණ භූමිය පුරා ආක්රමණික ශාක විශාල ලෙස පිහිටා ඇති බවද මෙම විගණන වාර්තාවේ සඳහන්වේ. මේ නිසා තෘණ ආහාරයට ගන්නා සතුන්ගේ පැවැත්මටද බාධාවක් වී ඇති බව එම විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත.ෙ