මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී දොළොස් වෙනිදා සිදුවූ නිවුන් දරු උපතකින් පසුව එක් දරුවෙකු මියගොස් ඇති අතර මව අසාධ්‍ය තත්වයෙන් පේරාදෙණිය මහ රෝහලට මාරුකර තිබේ.
මහියංගනය අරාවත්ත 47 කණුව අසල පදිංචි ආර්.එම් සමන්මලී (28) නැමති කාන්තාව ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා දොළොස් වෙනිදා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්වී ඇත.
එහිදී සිසේරියන් සැත්කමකින් පසුව දියණියන් දෙදෙනෙකු ප්රසූතකර තිබේ.
එක් දියණියක් ඉපදී දින දෙකකට පසුව (14) වෙනිදා මියගොස් ඇති අතර අනෙක් දරුවා රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
දරු ප්‍රසූතියෙන් පසු මව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇති අතර අසාධ්‍ය තත්වයෙන් පසුවීම නිසා පේරාදෙණිය මහ රෝහලට මාරුකර යවා ඇත.
මෙම දරු උපත සති තිස්තුනකින් පසුව සිදුවී තිබේ. මියගිය දරුවාගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක