මොනරාගල දිස්ත්රික්කයට මේ දින වල ඇදහැලෙන මහා වර්ෂාවත් සමඟ මොනරාගල වාරිමාර්ග කලාපයේ පිහිටි මුතුකණ්ඩිය ජලාශය ඇතුළු වැව් රැසක් වාන්දමමින් පවතින බැව් මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු ආර්.එස් සුදුසිංහ මහතා පැවසීය.
සියඹලාණ්ඩුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මුතුකණ්ඩිය ජලාශය දිස්ත්රික්කයේ විශාලතම වැව වන අතර එය අක්කර අඩි 24,569 කින් සමන්විත වේ.කුඹුරු අක්කර දෙදහසක් පමණ යල මහ දෙකන්නයේ වගාකෙරේ.
මෙම වසරේ ජනවාරි මාසයේදීද වැව වාන් දැමූ අතර මේවන විට වාන් දමන මට්ටමෙන් පවතී.ඇතිමලේ වැව අක්කර අඩි 5,510 වන අතර කුඹුරු අක්කර එක්දහස් දෙකක් වගාකෙරේ.අඟල් හතරකින් පමණ වැව වාන්දමන අතර කොටියාගල වැව අක්කර අඩි 2,216 වන අතර එයින් කුඹුරු අක්කර හාරසිය විසිපහක් වගාකෙරේ.එයද වාන් දමමින් පවතී.
යුදඟනා වැවේ අක්කර අඩි 1,863 සමන්විතවන අතර කුඹුරු අක්කර හාරසියපනස්පහක් වගාකෙරේ.සද්ධාතිස්සවැව අක්කර අඩි 2381 සමන්විත වන අතර අක්කර 474 කුඹුරු වගාකෙරේ.එයද වාන් දමයි.
ඊට අමතරව සුගලාදේවිවැව,හඳපානාගලවැව,මාලින්පොත වැව,හම්බේගමුවවැව ඇතුළු ලොකු කුඩා වැව් විශාල ප්රමාණයක් පිරී පවතින අතර වර්ෂාව දිගටම පැවතුනහොත් දිස්ත්රික්කයේ සියලුම වැව් වාන් දමන තත්වයට පත්වන බැව් වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මොනරාගල සුමනසිරි ගුණතිලක