මොණරාගල බන්ධනාගාරයේ රැදවියන් දෙදනෙකු අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග ගොස්, එක් රැදවියකු,ඔහුගේ කලිසම් සාක්කුවේ සගවා තිබු කුඩා පිහියකින්,අනෙක් රැදවියාගේ මුහුණට එල්ලකල පහරක් හේතුවෙන්, එම රැදවියා කැපුම් තුවාල සහිතව 12දා මොණරාගලමහ රෝහලට ඇතුලත්කර ඇතැයි මොණරාගල පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ,මිද්දෙනිය, පොල්ගස් යාය ප්රදේශයේ පදිංචි, හතලිස්අට හැවරදි රැදවියෙකි. මොණරාගල බන්ධනාගාරයේ ඒ 01 විශේෂ රැදවියන් 08 දෙනෙකු රදවා තිබු වාට්ටුවක, රැදවියන් දෙදනෙකු කැරම් ක්රිඩාව නිරතව සිට ඇති අතර, එහිදි එම රැදවියන් දෙදනා අතර, ක්රිඩාව සමිබන්ධයෙන් ඇතිවු කිසියම් බහින්බස් විමක්,දුරදිග ගොස්, දෙදනා අතින් පයින් පහරදිගෙන තිබෙි. එහිදි වහා බන්ධනාගාර නිළධාරින් මැදිහත්ව, දෙදනා,බන්ධනාගාරයේ විනය අංශය වෙත රැගෙන යමින් සිටියදි, එක් රැදවියකු, ඔහුගේ සාක්කුවෙි සගවාගෙන සිටි කුඩා පිහියක් ගෙන අනෙකාගේ මුහුණ ප්රදේශයට පහරක් එල්ලකර තිබෙන බව, එම බන්ධනාගාරයේ සහකාරබන්ධනාගාර නිළධාරියකු, පොලිසියට කර ඇති පැමිණිල්ලේ සදහන්වේ.
මෙම පහරදිමෙන් එම රැදවියාගේ මුහුණ ප්රදේශය තුවාල සිදුව ඇති බවත්, මෙි වන විට එම රැදවියා මොණරාගල මහ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින බවත්,මොණරාගල පොලිසියේ ප්රකාශකයකු අපකල විමසිමකදි පැවසීය. සැකකාර රැදවියා, මෙම පහරදිමට යොදාගත් පිහිය, බන්ධනාගාර නිළධාරින් විසින් පොලිසියට ඉදිරිපත්කර ඇති අතර, පොලිසිය මෙි පිලිබදව මොණරාගල මහේස්ත්රාත් අධිකරණය වෙත කරැණු ඉදිරිපත් කිරිමට නියමිතය.
නයනජීව බන්ඩාර