බඩල්කුඹුර-මොණරාගල අතර ප්‍රදේශයකදි 21 දින උදේ 9.06ට සිදුවු බවට සැක කරන සුළු භු චලනයකින් ගම්මාන රැසක ජනතාවට තත්පර හතරක පමණ කාලයක් භුමියේ සෙලවීමක් දැනී තිබෙන බව මොණරාගල ආපදාකළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය,
මෙම භු චාලනය රික්ටර් මාපකයේ 2.6ක් ලෙස සටහන්ව තිබු බව භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කළ බවත් නියෝජ්‍ය අධ්යක්ෂවරයා කියයි,
මෙම භු චලනයෙන් මොණරාගල,බුත්තල බඩල්කුඹුර සහ වැල්ලවාය ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට තත්පර කිහිපයක් භුමිය සෙවීම් දැනී තිබෙන බවත් කම්පනයෙන් කිසිදු හානියක් වාර්තා නොවු බවත් කියන ආපදාකළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා නිළධාරීන් පිරිසක් සමග ප්‍රදේශයේ සංචාරය කරමින් පරීක්ෂණ සිදු කරන බව කියයි.
ලුණුගල ප්‍රසන්න පද්මසිිරි