විශ්වවිද්‍යාල සිසුන් සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත ලබාදෙන බවට සඳහන් වීමත් සමග අද පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලට සිසුන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
කෙසේ වෙතත් මොඩර්නා එන්නත නොමැතිබවට රෝහල විසින් සිසුන්ට දැනුම් දීමත් සමග රෝහල අසළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.
මෙහිදී සිසුන් සඳහන් කළේ ඊයේ දිනයේදි රෝහල මගින් විශ්විවිද්‍යාල සිසුන් වෙත මොඩර්නා එන්නත ලබාදී ඇති බවයි.
එහිදී සිසුන් හමුවේ කරුණු පැහැදිලිකළ නිලධාරියෙක් සඳහන් කළේ ගුවන් ගමන් බලපත්‍ර හිමි සරසවි සිසුන් වෙත එන්නත් ලබාදුන් බවයි.
කෙසේ වෙතත් මෙහිදී සිසුන් චෝදනා කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ට පමණක් එන්නත් ලබාදෙන බවයි.
එසේම එන්නත ලබාගැනීමට පැමිණෙන ලෙස සඳහන් කර තිබූ කැළණිය විශ්වවිද්‍යාලය මගින් නිකුත් කළ ලිපියක්ද මෙහිදී සිසුන් වින් පෙන්වනු ලැබීය.