මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී තමන් පදිංචිව සිටි කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ්‍රාම ගැනීමෙන් පසු තමන්ට හිමිවන බවට ආමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මගින් මූලික අයිතිවාසිකම් කඩවිමක් සිදුවු බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිතකරන නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය නිකුත් කළේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.