පාස්කුදා ශ්‍රි ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සිදුකළ පුද්ගලයන් කවුදැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගැනීමට කටයුතු කර තිබේ.
ඒ අනුව එම ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) පෙරවරු 10.45 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (22) මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකර තිබිණ.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය