රටේ තෙල් මිල වැඩිවීමත් සමග මහජනතාව දේශපාලකයින් ප්රතික්ෂේප කර ඇත බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා බදුල්ලේදි පැවසීය.
බදුල්ල දිස්ත්රික්කයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත සමුළුව අද (12දා) බදුල්ල පුස්තකාල ශ්රවනාගාරයේදි පැවැත්විය. මෙම උත්සවය කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා සහ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි චාමර සම්පත් දසනායක මහතා විසින් සංවිධානය කර තිබිණ.
"අද මහ ජනතාවට පාරට බැසීම මිසක් වෙන කරන්න දෙයක් නෑ. අද රට ආහාර ඇතුළු අර්බුද රැසකට පත්වෙලා පසුගිය වසර දෙකේදි රජය තීන්දු තීරණ ගද්දී අපිව සම්බන්ධ කර ගත්තේ නෑ.
මේ ආණ්ඩුව පක්ෂ 13ක සන්ධානය හදද්දී මමත් සභාපතිවරයෙක් විදියට පත් කරගත්තතා. ඉන්පසුව මාව කිසිම දෙයකට සම්බන්ධ කර ගත්තේ නෑ.
මම 19 වැනි ආණ්ඩුක්රම සංශෝධනය ගෙනත් රටේ ප්රජාත්රන්ත්රවාදය ඇති කලා. නමුත් මම දුෂයෙන් තොර රටක් හදන්න බලාපොරොත්තු වුනත් ඒක මට කරන්න බැරි වුණා.
අද රටේ ආහාර නිෂ්පාදන සංග්රාමයක් ආරම්භ කළ යුතුයි එහෙම නැතිවුනොත් තත්වය මෙයට වඩා බරපතල වෙනවා. අද විදුලිය,ගෑස් නැතිව කෙළඹ නාගරික පංතියත් බඩගිින්නේ ඉන්නවා. ජනතාවට තෙල්,ගෑස්,විදුලිය නැතිව ආහාර අර්බුදයකට පත්ව අසරණ වී සිටිනවා.
ජනතා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනවා. මුළු රටම අද කදුලින් ඉන්නේ අයට ඒවා තේරෙන්නේ නෑ. අපි ශ්රී ලංකා නිදහස් පක්ෂ ජනතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නවා,අපිට දැනට පක්ෂ 11ක් එකතු වුණා. ඉදිරියේදි තව පක්ෂ 15-16ක් එකතු වෙනවා. අපි හදන පුළුල් පෙරමුණ සන්ධානයක් තුළින් ඉදිරියේදි මැතිවරණවලට ඉදිරිපත් වෙනවා".