පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්රහාරයන් එල්ල කරන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් නියම කළ වන්දි මුදල් අගෝස්තු 30 වැනිදාට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන නමැත්තන්ට සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල අද (15) නියම කළේය.
අධිකරණයේ නියමය අනුව නියමිත දිනයට පෙර වන්දි මුදල් සම්පුර්ණයෙන් ගෙවා අවසන් නොකළහොත් සැප්තැම්බර් 20 වැනිදාට පෙර ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.
මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂම ක්‍රියා කළ ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නියෙයා්ජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් කඩිනමින් විනය පියවර ගැනීමටද ජාතික පොලිස් කොමිසමට නියම කළේය.
පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්රහාරයන් එල්ල කරන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළ වන්දි මුදල් නිසි පරිදි ගෙවා ඇද්දැයි සොයා බැලීම සඳහා මෙම පෙත්සම කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, එස්. තුරේරාජා, දිලීප් නවාස්, ශිරාන් ගුණරත්න, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මින්ගෙන් සැදුම්ලත් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්ස සලකා බැලීණි.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් 12ක් ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ අගවිනිසුරුවරයා ඇතු`ථ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට රුපියල් කෝටි 31කට අධික වන්දි හිටපු ජනාධිපති ඇතු`ථ වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදලින් ගෙවීමට නියම කරන ලද්දේ 2023 ජනවාරී මස 12 වැනිදාය.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් 12ක් ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ඇතු`ථ වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදලින් වන්දි ගෙවීමට නියම කෙරිණී..
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණීය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, එච්.එම්.ඩී. නවාස් සහ ශීරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැති දීර්ඝ විභාගයකින් අනතුරුව අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
එම තීන්දුවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම කළ රුපියල් කෝටි 10ක වන්දි මුදලින් රුපියල් කෝටි 1 1/2ක මුදලක් ගෙවා ඇත.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ගෙවීමට නියම කළ රුපියල් කෝටි 05ක වන්දි මුදලින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවා ඇත.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ගෙවීමට නියම කළ රුපියල් කෝටි 7 1/2ක වන්දි මුදලින් රුපියල් 17,25,588 මුදලක් ගෙවා ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට නියම කළ රුපියල් කෝටි 7 1/2ක මුදලින් රුපියල් ලක්ෂ 41ක මුදලක් ගෙවා ඇත.
හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ගෙවීමට නියම කළ රුපියල් කෝටියක මුදලින් රුපියල් ලක්ෂ 50ක මුදලක් ගෙවා ඇත.
ඊට අමතරව රජය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටියක වන්දි මුදල මහා භාණ්ඩාගාරය විසින්ද ගෙවා ඇත.
මෙම මුදල් හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින්ගේ අරමුදලට ගෙවා ඇත.
වගඋත්තරකරුවන් මෙතෙක් වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක්ද ගොනු කිරීමට නීතීපතිවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉතිරි වන්දි මුදල් ගෙවීමට වගඋත්තරකරුවන්ට ලබන වසරේ ජුනි 30 වැනිදා දක්වා කල් ලබා දුන්නේය.
වගඋත්තරකාර හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට නියම කෙරුණු රුපියල් මිලියන 10 වන්දිය ඔහු ගෙවා අවසන් කර ඇති හෙයින් ඔහු මෙම නඩුවෙන් මුදා හැරීමට අධිකරණය වැඩිදුරටත් නියම කෙරිණී.
ඒ අනුව පෙත්සම කැඳවීමට නියමිතව තිබියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් අධිකරණයෙන් නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවීමට අපහසු බව කියමින් මෝෂන් මඟින් අධිකරණයට දැනුම දී තිබිනී.