ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ඊට ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිප දෙනෙකුට සිරගත වීමට සිදු වනු ඇති බවට තමා විශ්වාස කරන බව ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
“අපි අලුතින් ගෙනාපු දූෂණ විරෝධී නීති නිසා අපේක්ෂකයන්ට සිදු වුණා වත්කම් බැරකම් ප්රකාශයක් ඉදිරිපත් කරන්න. අපේක්ෂකයන්ගේ මාසික අදායමත් වත්කමත් දැන් රටේ ජනතාව දන්නවා. මේ පරීක්ෂණ කරනකොට මට හිතෙනවා මේ සැරේ නාම යෝජනා දුන්න අයගෙන් කිහිප දෙනෙකුට සිරගත වෙන්න සිදුවෙයි කියලා. මොකද මේ අවස්ථාවේ රූකඩ අපේක්ෂකයොත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අයත් මේක සුලුවකට තකලා ඉදිරිපත් කරලා තිබෙනවා ලේකන වත්කම් සහ බැරකම් කියලා. ඒ අයගේ වත්කම් බැරකම් මේ යටතේ සොයන්න සිදුවෙනවා”