තලාතුඔය හා ඒ අවට ගම්මාන වල ගොවීන්ගේ වගාවන්වලට රිළවුන්ගෙන් සිදුවන හානිවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා පාතහේවාහැට ගොවිජන සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද උදෑසන තලාතුඔය නගර මධ්‍යයේ දී පැවැත්විණි .
මාරස්සන මාර් ගයේ මුදුනකඩේ හන්දියේ සිට තලාතුඔය නගරය දක්වා පා ගමනින් පැමිණි ගොවි ජනතාව තලාතුඔය නගරයේදී සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නියැළිණි.
මේ සඳහා පාත හේවාහැට ගම්මාන වල ගොවින් මෙන්ම පාතහේවාහැට ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසීහු රැසක් එක්ව සිටියහ.
පසුව මෙම වගා හානි පිළිබඳව ඔවුන් විසින් සකස් කල සන්දේශයක් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීමට ගොවි සංවිධාන එකමුතුව හා ප්‍රදේශවාසීන් කටයුතු කලහ. ( I J)
අසේල වික්‍රම