මේ වර්ෂයේ ජනවරි 01 වැනි දින සිට ඊයේ (12දා) දක්වා කාලයෙහිදී නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම්වලදී මෙරට මුහුදු සීමාවෙහි අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්රා හැට හයක් සහ ඉන්දීය ධීවරයන් හාරසිය අනූ හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව ඊයේ දින යාපනය, චූණ්ඩිකුලම් ප්රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, ඉන්දීය ධීවර යාත්රාවක් සමඟ ඉන්දීය ධීවරයන් දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
විදේශීය ධීවර යාත්රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන බවද නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.