මෙම වසරේ ජනවාරි 01 වෙනි දින සිට මේ දක්වා දිවයින පුරා සිදුවූ වෙඩි තැබීම් සිද්ධී 27 කින් පුද්ගලයන් 22 කු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අතර මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයාය ඕකන්ද යායට හැරෙන හන්දිය අසලදී සිදු වූ තිත්ව ඝාතනය , ගල්කිස්ස පොලිස් වසමේ සිදු වූ ද්විත්ව ඝාතනය ඉකුත් සිකුරාදා රාත්රි මාතර දෙවුන්දර ශ්රී විෂ්ණු දේවාලය ආසන්නයේදී සිදු වූ ද්විත්ව ඝාතනයද ඇතුලත් වන බවත් පොලිසියේ සඳහන් කරයි.
සිදුවූ එම ඝාතන වලදී බන්ධනාගාර නිලධාරීන් , අපරාධඅපරාධකරුවන් මුල්ම කිසිදු අපරාධයකට සම්බන්ධ නොවූ පුද්ගලයන්ද ඝාතනයට ලක්වීම විශේෂත්වයක් බව පොලිසිය කියයි.