මේ වසරේ ගත වූ කාලයෙහි විදෙස් සංචාරකයන් ලක්ෂ 14කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 1,395,773ක් බවයි. මෙලෙස පැමිණ ඇත්තේ ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව ජර්මනිය, චීනය යන රටවල සංචාරකයන් බව ද අධිකාරිය සඳහන් කරයි.
සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණි ඇති අතර එම සංඛ්‍යාව 218,350කි.
එමෙන්ම ජනවාරි සහ මාර්තු මාස වලද ලක්ෂ දෙක ඉක්ම වූ සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ ඇත.
පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව1,487,303 කි.