මේ වසරේ ජනවාරි මාසයේ මෙන්ම පෙබරවාරි මාසයේදීත් මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා තිබේ. ඒ් අනුව පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 218 350කි.
පසුගිය මස වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පෙබරවාරි 24 වන දින පැමිණ ඇති අතර එම අගය 10,014කි. පෙබරවාරි මාසයේ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර ඒම අගය 32 030කි. ඉන් අනතුරුව ඉන්දියාවේ (30,027) හා ඒක්සත් රාජධානියෙන් (20,614) වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට පැමිණ තිබේ.
මීට අමතරව ගෙවී ගිය මාස දෙකෙහි මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 426,603 ක් ලෙස දත්ත වාර්තා පෙන්වා දෙයි.