මේ වසරේ ජනවාරි 01වන දින සිට අද (10දා) දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 46,546ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එම රෝගීන්ගෙන් 20,009ක් බස්නාහිර පළාත තුළින් වාර්තා වී තිබෙන අතර, එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස43% ප්‍රමාණයක් වේ.
මේ වසර තුළදී වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 11,737ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර, එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 25.2%ක් වේ.
මේ වසරේ ගෙවීගිය කාලය තුළදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,759ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,513ක් වාර්තා වී තිබෙන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
උතුරු පළාත තුළින් රෝගීන් 5,099ක් වාර්තා වී තිබෙන අතර, එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 11.%ක් වන අතර, මධ්‍යම පළාත තුළින් රෝගීන් 4,674ක් වාර්තා වී තිබෙන අතර, එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 10.7%ක් වේ. සබරගමුව පළාත තුළින් රෝගීන් 4,645ක් වාර්තා වී තිබෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 10%කි.
වයඹ පළාත තුළින් රෝගීන් 2,971ක් වාර්තා වී තිබෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 6.4%ක් වන අතර, දකුණු පළාත තුළින් රෝගීන් 3,618ක් වාර්තා වී තිබෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස7.8%ක් වේ.
මේ මාසයේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු රෝගීන් 1,019ක්, නොවැම්බර් මාසයේදී රෝගීන් 3,178ක්, ඔක්තෝබර් මාසයේදී රෝගීන් 2,938ක්, සැප්තැම්බර් මාසය තුළදී රෝගීන් 2,769ක්, අගෝස්තු මාසය තුළදී රෝගීන් 3,897ක්, ජූලි මාසයේදී රෝගීන් 4,506ක්, ජුනි මාසය තුළදී රෝගීන් 3,319ක්, මැයි මාසය තුළදී රෝගීන් 2,647ක්, අප්‍රේල් මාසය තුළදී රෝගීන් 2,234ක්, මාර්තු මාසයේදී රෝගීන් 3,615ක්, පෙබරවාරි මාසය තුළදී රෝගීන් 6,007ක් හා ජනවාරි මාසයේදී රෝගීන් 10,417ක් වාර්තා වී තිබේ.
වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු රෝගීන් 23දෙනෙකු මරණයට පත් වී තිබෙන අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බලප්‍රදේශ 12ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයෙන් පැතිර යන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.