මේ දිනවල පවතින උණ තත්ත්වය සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වේදනා නාශක ලබා නොගත යුතු බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සඳහන් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ කිරීමෙන් අදාළ පුද්ගලයාගේජීවිතය 'අනතුරේ වැටෙන' බවයි.
ඒ අනුව වෛද්‍යවරුන්ද රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.