ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ නිලධාරින් සිදු කරන එවැනි වැරිදි නිසා අවසානයේ ජනතාවගෙන් චෝදනාවට ලක්වන්නේ දේශපාලන්ඥයින් බවයි.
අදවන විට ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීවාදය නිසා සංවර්ධන වැඩසටහන් නතර වී ඇති බවද හෙතෙම පැවසීය.
ගම්පහ මහ නගර සභාවේ පැන නැගී ඇති ගැටලු විසඳීම සදහා ගම්පහ මහ නගර සභාවේ ඊයේ (24) පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. ගම්පහ මහ නගර සභාව විසින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි.
2023 වසරේදී ආරම්භ කළ නඩත්තු ව්‍යාපෘතිවල තත්ත්වය මෙහිදී අමාත්‍යවරයා විසින් නාගරික ගම්පහ නාගරික කොමසාරිස් තුමියගෙන් විමසා සිටියේය. එහිදී නාගරික කොමසාරිස්තුමිය කියා සිටියේ 2023 වසරේදී ආරම්භ කළ නඩත්තු ව්‍යාපෘති 33න් 15ක වැඩ මේ වනවිට අවසන් වී ඇති බවයි. 2023 වසරේදී ආරම්භ කළ නඩත්තු ව්‍යාපෘති මේ වසරේ මාස හතරක් ගතවන තුරු අවසන් කිරීමට නොහැකි වීම ගැන අමාත්‍යවරයාගේ අප්‍රසාදයට ලක් විය.
ඉතිරි නඩත්තු ව්‍යාපෘති පටන් ගන්නා දිනය අවසන් කරන දිනය කවදාදා යන්න පිළිබඳව තමන්ට ලබන සඳුදා වනවිට වාර්තාවක් ලබා දෙන ලෙසත් එම නඩත්තු ව්‍යාපෘතිය ජුනි මස අවසන් වීමට පෙර අවසන් කරන ලෙසත් අමාත්‍යවරයා ගම්පහ නාගරික කොමසාරිස්වරියට උපදෙස් දුන්නේය.
මෙම ව්‍යාපෘති පමා වීමට හේතුව නිළධාරීන්ගේ දුර්වලතා බව කී අමාත්‍යවරයා එවැනි නිළධාරීන් ඉවත්කර වැඩකළ හැකි නිළධාරීන් සමඟ ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට තමන් සූදානම් බවද සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,
2023 වසරේදී ආරම්භ කළ මෙම නඩත්තු ව්‍යාපෘති අද වෙනකන් අවසන් කරලා නෑ. මේ ගැන මහජනතාව වගේම නගර සභාවේ හිටපු මහජන නියෝජිතයන්ගෙනුත් මට පැමිණිලි ලැබිලා තිබෙනවා.
ට්‍රැක්ටර් පහක් නගර සභාවට තියෙනවා. එයින් එක ට්‍රැක්ටරයයි අද වෙනකොට වැඩ කරන්නේ කියනවා. ඇයි ඉතිරි ට්‍රැක්ටර් හතර හදා ගන්න මේ වෙනකන් බැරි වුණේ.
ගම්පහ අනෙක් පළාත් පාලන ආයතනවලින් මෙවැනි ගැටළු එන්නේ නෑ. ගම්පහ ප්‍රාදේශීය සභාව, මිනුවන්ගොඩ නගර සභාව, ප්‍රාදේශිය සභාවේ වැඩ කටයුතු නිසි ආකාරව සිදු වෙනවා. සංවර්ධන ව්‍යාපෘති හරියාකාරව සිදුවෙනවා. ඒත් ගම්පහ නගර සභාවේ වැඩ හැමදාම ප්‍රමාදයි. ඒ නිලධාරින්ගේ දුර්වලකම් නිසයි. නිලධාරින් හිතාමතාම මෙය පරක්කු කරනවා.
නගරසභාව ගන්න තීන්දු තීරණ නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඕන. නිළධාරීන් වැඩ කරන්නෙ නැති වුණාම මිනිස්සු බණින්නේ අපිට.
නිලධාරින්ගේ ප්‍රමාදය නිසා අද රජයට කොච්චර පාඩු සිද්ධ වෙනවද. සම්බන්ධිකරණ කමිටුවේ ගන්න තීන්දු තීරණ ගැන නිලධාරින් අහගෙන ඉන්නේ නෑ. ගන්න තීන්දු නිකන් කතා කරලා ගන්න තීන්දු නෙමෙයි. තීන්දු ගත් ලේඛන තියෙනවා. දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය හිමි වූ වහාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යාපෘති අපි පළාත් පාලන වලට එවනවා. නිලධාරින්ගේ වගකීම තමයි ඇස්තමේන්තු හදලා සුදානම් වෙතා තියන් ඉන්න එක. අනුමැතිය ආපු ගමන් වැඩ පටන් ගන්න පුළුවන්. මෙතැන ලොකුම වැරැද්ද වැඩ කරනකොට සම්බන්ධිකරණයේදී සිදුව ඇති ගැටළුවක්. ඒවා හදාගන්න ඕනේ.
නිලධාරින් හිතන් ඉන්නවා නම් ආණ්ඩුව වෙනස් වෙනවා කියලා. නෑ ආණ්ඩුව තියෙනවා මේ අවුරුද්දේ තියන්නේ ජනාධිපතිවරණය විතරයි.
ලංකාවේ හැම දිසාපති නෙනෙකුටම යවලා තියෙන චක්‍රලේඛනයේ තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩපිළිවෙල හැම දිස්ත්‍රික්කයකම අනුගත කර ගන්න කියලා. නිලධාරින් මහන්සි වෙලා වැඩ කරපු නිසයි අද ඒ දේ වෙලා තියෙන්නේ. සමහර නිලධාරින් හිතාමතාම මේක ප්‍රමාද කරනවා. මම කියන්නේ බැරි අයව අයින් කරලා වැඩ කරන්න පුළුවන් පිරිසක් තියන්න කියලා. අපි ගමනක් යනකොට වැඩ කරන්න පුළුවන් පිරිසක් ඉන්න ඕනේ.
ඇතැම් රාජ්‍ය ආයතනවල දේශපාලන්ඥයාට ඇතුළු වෙන්න බෑ කියලා මතයක් තියෙනවා. එහෙම වෙන්න බෑ. මොකද දේශපාලන්ඥයා කියන්නේ මේ රටේ පුරවැසියෙක්. අද පළාත් පාලන ආයතවල දේශපාලන අධිකාරිය නැති නිසා නිලධාරීවාදය ඇති වී වැඩ කරන්නේ නෑ. සල්ලි පස්සේ විතරයි දුවන්නේ. දේශපාලන අධිකාරිය මහජනතාව වෙනුවෙන් පෙනී සිටිලා කතා කරපු එක අද සිද්ධ වෙන්නේ නෑ.
අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා ක්‍රමවේදය කඩිනම් කරගෙන ව්‍යාපෘති ටික ඉක්මනින් අවසන් කිරීමයි අපේ බලාපොරොත්තුව වන්නේ.