ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට 04/15 දින රාත්‍රී 10.25 ට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානය හදිසි කාර්මික දෝශයකට ලක් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ කළමනාකරණ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.
ඒ.- 330 එයා බස් වර්ගයේ මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට 04/15 දින ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතව තිබියදී හදිසියේම කාර්මික දෝශයකට ලක් වූ බවත්එ ම ගුවන් යානය යථා තත්වයට පත් කිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් 04/15 දින රාත්‍රීයේම කටුනායක ගුවන් තොටුපළෙන් මෙල්බර්න් නුවර බලා පිටත්ව ගොස් ඇති බව ද දීපාල් පෙරේරා මහතා සදහන් කළේය .
එම ගුවන් යානයේ සිටි මගීන් සියලු දෙනා මෙල්බර්න් නුවර අවට හෝටල් වෙත යොමු කර ඇති බව ද දීපාල් පෙරේරා මහතා පැවසීය .
04/16 දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානය නියමිත පරිදි එදින රාත්‍රී 10.25 ට ළගා වන බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
දීපාල් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලාංකික ගුවන් මගීන් 300 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මෙල්බර්න් නුවර ගුවන් තොටුපළේ 04/15 දින සිට රැදී සිටීම පිළිබඳව පැතිර යන කතා පිළිබඳව සිදු කළ විමසීමකදීය .
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අනෙකුත් ශ්‍රී ලන්කන් ගුවන් යානා වල සියලුම ආසන පිරී පවතින බැවින් , මෙසේ කාර්මික දෝශයකට ලක් වූ ගුවන් යානයේ මගීන් පිරිස එසේ පැමිණෙන වෙනත් ගුවන් යානයක් මගින් රැගෙන ඒම දුෂ්කර වී ඇති බව ද දීපාල් පෙරේරා මහතා සදහන් කළේය.