මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් එයට කඩිනම් විසදුම් ලබා දෙමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අදහසකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද දින (04) කෑගල්ල, ගම්පොල සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල් වල විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අතීතයේ සිට වර්තමානය දක්වාම මෙරට සෞඛ්යසේවාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණය සදහා විශිෂ්ට වැඩකොටසක් සිදු කර ඇති බවයි.
නමුත් මේ වනවිට සාමාන්‍ය දරු උපත් අඩුව ඇති බවත්, සිසේරියන් සැත්කම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් එය සියයට 50 ක අගයක් ගන්නා වන බවද පැවැසිය. එය හොද තත්ත්වයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි .
අද දින කෑගල්ල, ගම්පොල සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල්වල බාහිර රෝගී අංශය, සායන, වාට්ටු, මුළුතැන්ගෙය, රසායනාගාරය, ඖෂධ ගබඩා, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, සහ විශේෂ ඒකක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක් විය.
කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල නඩත්තු සහ සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 40 ක මුදලක් ලබාදිම මෙහිදී සිදු කෙරුණ අතර මීට ඉහත රුපියල් මිලියන 100 ක මුදලක් ලබා දී තිබුනි. 2018 වර්ෂයේ දි ඉදිකිරිම් ආරම්භ කර ඉදිකිරිම් ඇණහිටව තිබූ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ බිම් මහලේ වැඩකටයුතු මේ වසරේ අවසන් කර රෝගී සත්කාරක සේවා සදහා යොදා ගැනිමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.
ගම්පොල දිස්ත්‍රික් මහ රෝහලේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා රුපියල් මිලියන 100 ක් ලබාදුන් අතර, රෝහලේ කෙටිකාලින ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කිරිම ද සිදු විය. නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සායන සංකීර්ණයේ දෙවන සහ තෙවන මහල් ඉදිකිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 160 ක මුදලක් ලබාදිමට ද එකඟතාව පළ කරන ලදි.
ඖෂධ කිහිපයක් හැරුණු කොට අඩුවකින් තොරව ඖෂධ තොඟ පවත්වා ගැනිමටත්, නොමැති ඖෂධ ලබාගැනීමට අධ්‍යක්ෂවරුන්ට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවද පැවසිය. කළාපයේ රටවල් අතරින් අඩු පිරිවැයකින් ප්රශස්ක සෞඛ්‍ය සේවාවක් සපයන රටක් ලෙස තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව හදුන්වා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.