හම්බන්තොට වරාය මගින් පළමු වරට නෞකාවෙන් නෞකාවකට ද්‍රව භාණ්ඩ හුවමාරුව ආරම්භ කර ඇත. ඒ අනුව, සිංගප්පූරු සමාගමක් වන ෂිප්ලෝඩ් මැරිටයිම් සමග එක්ව ලාෆ් ගෑස් සමාගමේ නෞකාවකට ද්‍රව පෙට්‍රෝලියම් වායූ හුවමාරුව සිදු කර ඇති බව වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයක් මගින් සඳහන් කර ඇත.
ඒ අනුව, ද්‍රව පෙට්‍රෝලියම් වායූ මෙට්‍රික් ටොන් 3,170ක් ලාෆ් සමාගමට අයත් නෞකාව වෙත යොමු කර ඇති අතර මෙම තත්වය හමුවේ මෙරට පවතින ලාෆ් ගෑස් හිගය කඩිනමින් මගහැරුණු ඇති බව සඳහන් වේ.