කතෝලික ජනතාවට මුස්ලිම් ජනතාවගේ ආචාර්යක් ලෙස කාදිනල් හිමිපාණන්ගේ හිස සිපගන්නා බව අෂ්ෂේක් මසූක් සජීර් මව්ලවිතුමන් පැවසීය.
කෝච්චිකඩේ සාන්ත අන්තෝනි මූනිඳුන්ගේ දේවස්ථානයේ දැන් පැවැත්වෙන පාස්කු ඉරුදින ප්රහාරයේ සය වසර සිහි කිරීමේ දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර, පසුව කාදිනල් හිමිපාණන් සිප ගැනීමද සිදු කළේය.
“මම කිව්ව පරිදි ඓතිහාසික මෙම ස්ථානයේ කිතුනු, කතෝලික සහෝදරයන්ට ආචාරයක් හැටියට මුස්ලිම්වරුන් වන අපෙන් විය යුතු යුතුකමක් හැටියට මේ ඓතිහාසික භූමියේ කාදිනල් හිමිපාණන්ව හිස සිපගන්නවා කියලා මේ අවස්ථාවේ මම කියන්න කැමතියි.”
