ශ්රී ලංකාවේ මුස්ලිම් පල්ලිවල පරිපාලන නිලධාරීන්ට මැලේසියාවේ දී මුස්ලිම් පල්ලි පරිපාලන කටයුතු පිළිබඳව පුහුණු සැසියක් (two week) පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා දිවයිනෙන් (15 July) පිටත්වීමට නියමිත මුස්ලිම් පල්ලිවල පරිපාලන නිලධාරීන් සහ ආගමික නායකයින් කණ්ඩායම අද (11) දින ජනාධිපති කාර්යාලයේ දී ජනපති කාර්ය මණ්ඩලය ප්රධානී සාගල රත්නායක මහතා හමුවිය.
සාගල රත්නායක මහතාගේ ඉල්ලීමක් මත මෙම වැඩසටහන ශ්රී ලංකාවට ලබා ගත හැකි වූ අතර ඒ පිළිබඳව මෙහිදී මුස්ලිම් ආගමික නායකයින් සාගල රත්නායක මහතාට සිය ස්තුතිය පළ කර තිබේ.