ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 203 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා මාර්තු 22 වන දින ශ්‍රි ලංකා ගුවන් හමුදා කඳවුර තුළ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.
මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා සෘජු අධික්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව ස්ථාපිත කරන ලදි.
ගුවන් හමුදා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය තුළ පිරිමි පුද්ගලයින් 56 දෙනෙකු කාන්තාවන් 147 දෙනෙකු මෙයට අයත් විය.
මෙම පිරිස දින 14ක පුරාවට නිරෝායන ක්‍රියාවලියට ලක්වු අතර මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගෘෘප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන ඇතුළු කාර්යමණ්ඩලයේ අධික්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරිමත් සමඟ අද (6) දින ප්‍රවාහන පහසුකම් සලසා දෙමින් සිය නිවෙස් කරා පිටත් කරන හරින ලදි.