මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කර පුළුස්සා දමන බවට නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඊයේ (15) දිනයේ පස්වරු 4 ට හා 4.09 ට එම තර්ජනාත්මක ඇමතුම් දෙක ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ කළමනාකරණ සහකාරවරයෙක් සහ කාර්යාල කාර්ය සේවකයෙක් පැමිණිලි කර ඇත.
ප්‍රධාන දුරකථන අංකය හරහා පස්වරු 4ට ඇමතුම ලැබීමේදී කාර්යාල කාර්ය සහායකයකු එය ලබාගෙන ඇති අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කාර්යාලයේ නොමැති බවට පැවසීමෙන් අනතුරුව එම පුද්ගලයා " ඡන්දෙ කාලෙදි අපි තමයි සර් ට උදව් කරේ ,එයාට කොළඹට වෙලාම ඉන්න කියන ආයි මෙහේ එන්න එපා කියන්න ,ආවොත් ජීවිතයෙන් තමයි වන්දි ගෙවන්නේ වෙන්නේ යැයි පවසා දුරකථනයේ විසන්ධි කර ඇති බව " කාර්යාල කාර්ය සහයකයා කරන ලද එම පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියා කීය නිලධාරියා කීය
ඒ ආකාරයෙන් ඊට විනාඩි නවයකට පසු ප්‍රධාන දුරකථන අංකය හරහා ඇමතුමක් ගෙන ඒ ආකාරයෙන්ම තර්ජනය කර ඇති බවත් එම අවස්ථාවේදී කළමනාකරන සහකාරවරයෙකු එම ඇමතුම ලබාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
අදාල තර්ජනය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර දුරකථන විශ්ලේෂණ වාර්තා හරහා විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.