ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් සකස් කළ නව පනත් කෙටුම්පතකට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබි තිබේ.
“1949 දී මුදල් නීති පනතක් සකස් කර තිබුණා. 1950 දී තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටෙව්වේ. මේ පනත රටේ සමස්ත බැංකු ක්‍රමය, මුදල් ක්‍රමය පාලනය කිරීම සඳහා පුළුල් බලතල සහිත පනතක් ලෙස මෙතෙක් කල් ලංකාවේ ක්‍රියාත්මක වුණා.
කාසි හා නෝට්ටු නිකුත් කිරමේ පරම අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට සියලුම වාණිජ බැංකුවල බැංකුකරු මහ බැංකුව, රජයේ බැංකුකරු, මුදල් නියෝජිතයා, මූල්‍ය උපදේශකයා මහ බැංකුව, විදේශ විනිමය පාලනය හා විනිමය ගනුදෙනු පවත්වාගෙන යාම පිළිබඳ බලධාරි ආයතනය මහ බැංකුව.
නමුත් ජාත්‍ය්තර මූල්‍ය අරමුදලත් අනෙකුත් ජාත්‍යන්තර ආයතනයත් ලංකාවේ මේ ඇතිව තිබෙන ආර්ථිකය තත්ත්වය ඇතිවිම වෙනුවෙන් මහ බැංකුව අනුගමනය කළ එක් ක්‍රියාවලියක් ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබෙනවා.
ඒ් තමයි රටට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට මුදල් අච්චු ගැනීම. ආණුඩු වෙනස් වුණත්, කවුරු නායකත්වය දැරුවත් වියදම් පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නැතිවිට මුදල් අච්චු ගහලා තමයි රට ඇවිත් තියෙන්නේ.
ඒ් නිසා දිගින් දිගටම ඇතිවන අයවැය පරතරය තුළ ලංකාවේ සියලුම ආණ්ඩු කර තිබෙන්නේ මුදල් අච්චි ගැසීමයි ණය ගැනීමයි. මුදල් අච්චු ගැසීමෙන් පමණක් ලෝකයේ කිසිම රටක් දියුණු කරන්න බෑ කියලා න්‍යායක් තිබෙනවා.
කොතරම් නීති පැනෙව්වත් මුදල් අච්චි ගැසීම නවත්වන්න බැරි තරමට රටේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වුණා. තවදුරටත් රජය බලකර කියා සිටියත් මුදල් අච්චු ගැසීම කරන්න බැරි ආකාරයට වැඩි බලයක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමට අදාළ වන ලෙසයි මේ පනත් කෙටුම්පත සකස් කර තියෙන්නේ” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් කැබනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
VIDEO