මුඛ පිළිකාව හේතුවෙන් මෙරට තුළ දිනකට පුද්ගලයන් 03දෙනෙකු මිය යන අතර, වාර්ෂිකව මුඛ පිළිකා රෝගීන් 3,000ක් පමණ අලුතෙන් හඳුනා ගන්නා බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ පත් වූ සභාපති, මුහුණ, මුඛය හා හනු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලව වාර්තා වන පිළිකාව වන මුඛ පිළිකාව 80%-85%කට වැඩි ප්‍රමාණයක් හඳුනාගත් සාධක හේතුවෙන් ඇතිවන බවයි.
එසේම පහසුවෙන් පාලනය කළ හැකි මෙම තත්ත්වය මූලික අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් 100%ක් සුව කළ හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව මුඛය තුළ ගැටිත්තක්, සුදු හෝ රතු පැල්ලමක්, සුව නොවන තුවාලයක් යනාදී ලක්ෂණ පවතීනම් බොහෝ විට එය පූර්ව පිළිකා ලක්ෂණ වන බැවින් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවන ලෙසට ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (19දා) පැවති මාධ්‍ය හමුවකටට එක්වෙමිනි.