මීටියාගොඩ , බලිමුල්ල නිවසකට ඊයේ (15) රෑ කඩාවැදුණු පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් නිවසේ සිටි පියා හා දියණිය බරපතල තුවාල ලබා ඇති බවත් ඔවුන් බලපිටිය රෝහලට ඇතුළත් කළ බවත් මීටියාගොඩ පොලීසිය කියයි.
මෙසේ වෙඩි වැදී ඇත්තේ පනස්එක් හැවිරිදි රවීන්ද්‍ර ගුණතිලක නමැත්තාට සහ විසිනම හැවිරිදි රමයා ගුණතිලක නමැත්තියකටයි.
ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කොට ඇති බව මුලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
වෙඩි තැබීම සිදු කළ සැකකරු හදුනාගෙන ඇති බවත් ඔහු එම ප්‍රදේශයේම පදිංචි අයෙක් බවත් සැකකරු ඇතුලු පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය කියයි.
පෞද්ගලික ආරවුලකට වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවත් මෙය පාතාල කණ්ඩායම් අතර ගැටුමක් නොවන බවත් පොලීසිය වැඩිදුරටත් කියයි.