මීගොඩ ආර්ථික මධ්‍යස්ථායේ තොග වෙළෙඳ සැලක මුදල් අයකැමිවරියකට වෙඩි තබා මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංගා මද්දුම පටබැඳි මෙනෙවිය ඊයේ (18) අවසර ලබා දුන්නාය
මෙලෙස රඳවා ප්‍රශ්න කිරීමට අවසර නියම වූයේ නිහාල් විජේසිංහ , දිලාන් සංජීව තෙන්නකෝන් ,සෙනරත් ආරච්චිගේ සිසිරකුමාර සහ යුද හමුදාවෙන් පලා ගිය සෙබළුකු වන දිමුතු රොෂාන් සහ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සුජිත් කුමාර නමැති සැකකරුවන් පස්දෙනාය
වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය රක්වාන ප්‍රදේශයේ සඟවා තිබියදීත් යතුරුපැදිය ආරක්ෂක හිස් වැස්ම , පිහියක් හා කමිසයක් කඩවත කිරිල්ලවල අවන්හලක කාමරයක සඟවා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත
මෙම අපරාධ සැලසුම් කල මහමොලකරු හම්බන්තොට ප්‍රදේශයේදී සැගව සිටියදීත් , සිද්ධියේ වෙඩික්කරු ගොඩකවෙල ප්‍රදේශයේදී සැගව සිටියදීත් ,ඔත්තු බැලූ පුද්ගලයා තිස්සමහාරාම ප්‍රදේශයේදිත්, වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් කඩවත අවන්හලක හිමිකරුවකු සහ තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
ඉකුත් 12 වෙනිදින සිදු වූ මෙම කොල්ලකෑම අතරතුරදී සිදුවූ වෙඩි ප්‍රහාරයකින් කොල්ලකෑමට ලක්වූ වෙළඳසැලේ සිටි 23 හැවිරිදි මුදල් අය කැමීවරියක තුවාල ලබා රෝහල් ගත කරනු ලැබී
පොලිස් විශේෂ කාර්ය බළකායේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හා මීගොඩ පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.