යාපනය දිස්ත්‍රීක්කයෙ පැතිරී ගිය මී උණ රෝගය වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්රීක්යන්හීද හිස ඔසවා ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ රෝගීන් දෙදෙනෙකු ගෙවුණ සතිය තුළදී මිය ගොස් ඇතැයි කිලනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එන්. විනෝදන් මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ කිලිනොච්චිය ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ කිලිනොච්චිය මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය රෝගීන් දෙදෙනා මුලංකාවිල් සහ කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටය.
මේ අතර උතුරු පලාතේ පළමුවෙන්ම මී උණ රෝගීන් වාර්තා වූ යපනය දිස්ත්‍රීක්කයේ මී උණ පැතිරීම යම්තරමක් පාලනය වෙද්දී වව්නියාව දිස්ත්‍රීක්කයෙන්ද මී උණ රෝගීන් 50 කට ආසන්න ප්‍රමණයක් මේ වන විට වාර්තා වී ඇත.
පසුගිය දිනයන්හි පැවති වැසි සහිත වූ අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් මී උණ රෝගයට අමතරව ඩෙංගු රෝගයද හිස ඒසවීමේ අවධානමක් පවතින බවටද සෞඛ්‍ය නිලධාරීන් විසින් පෙන්වා දෙයි.
මී උණ හා ඩෙංගු පලනය වෙනුවෙන් මේ වන විට ග්‍රාමීය මට්ටමේ සිට වැඩවසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති අතරම ඔිනෑම අයෙකුට උණක් හෝ සෙම්ප්රෙතිස්සාවක් සහිත අසනීප තත්වයක් ඇත්නම් ලඟම ඇති රෝහලට ගොස් පරික්ෂා කරගන්නා ලෙසටද උතුරේ සෞඛ්‍ය බලධාරීන් විසින් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.