විදුලි බිල නොගෙවීම හේතුවෙන් විසන්ධි කර දැමුණු මිහින්තලා පුදබිමේ විදුලි බලය, සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ බෞද්ධ උපදේශන කමිටුව හරහා බිල ගෙවා දැමීමෙන් අනතුරුව ඊයේ (4දා) විදුලිය නැවත ලැබුණු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පැවසූහ.
"මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා දේශපාලඥයෙක් හැටියට නොව දායකයෙක් හැටියටයි අපි සලකන්නේ, මේ සියලු බර කරට අරගෙන රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් සිදු කළ ඒ පරිත්‍යාගයට එතුමාටත් ඒ සඳහා සම්බන්ධ වූ සියලු දෙනාටත් මේ මොහොතේ අප පින් අනුමෝදනා කරනවා."..