රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යමින් සිටියදී එම ගුවන් මගියා ද සමග 09/01 දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 30 හැවිරිදි වියේ පසුවන රූපලාවන්‍ය උපකරණ සහ ආලේපන විදේශ රටවල සිට මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත , පානදුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
මොහු 09/01 දින අලුයම 02.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ රූපලාවන්‍ය උපකරණ සහ ආලේපන අඩංගු ගමන් මලු තුළ මෙම " ප්ලැටිනම් කූල් " සහ " ප්ලැටිනම් ඩබල් මික්ස් " වර්ගයේ දුම්වැටි 20,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 100 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
පසුව මොහු පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබූ අතර , එළඹෙන 09/03 දින මොහු සමග ඔහු නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .