යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලිසීය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී පේදුරුතුඩුව තුම්පලේ මුක්කම් වෙරළ තීරයේ දී නීති විරෝධි ලෙස මෙරටට ප්රවාහනය කල රුපියල් මිලියන 60 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්රෑම් 350 ක් පමණ (පාර්සල් 154) සහ බෝට්ටුවක් අද (22දා) අළුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කේරළ ගංජා තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානයට භාර දී ඇත.
