උතුරු, නැහෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට, පොලොන්නරුව, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමනේතුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍ර දේශවලද පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිව බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක
තද වැසි ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේනතුව දන්වා සිටියි.
එසේම දිවයිනේ දකුණු අර්ධගෝලයේ අහස වළාකුළින් බරව පවතිනු ඇතැයිද එම නිවේදනයේ දැක්වෙයි.