මිල්කො ආයතනය මෙතෙක් ඉපයූ වැඩිම ආදායම ඔක්තෝබර් මාසයේදී වාර්තා කර තිබේ. ඒ අනුව ඒ මාසයේදී රුපියල් මිලියන 2,019ක ආදායමක් උත්පාදනය කර ඇත. ඊට හේතුව වී ඇත්තේ එම ආයතනය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම බව මිල්කො ආයතනයෙන් අප කළ විමසීමකදී පැවසුවේය.
ඒ අනුව මාස තුනක පමණ සිට දෛනිකව කිරි ලීටර් 160,000ක් කිරි ගොවින්ගෙන් ලබාගෙන ඇති අතර, මින් පෙර ලබාගෙන තිබුණේ කිරි ලීටර් 78,000කට ආසන්න ප්රමාණයකි. ඉකුත් ජූලි මාසයේදී මිල්කො ආයතනයේ ආදායම වාර්තා වී ඇත්තේ රුපියල් මිලියන 1,873ක් ලෙසය. අගෝස්තු මාසයේදී රුපියල් මිලියන 1,715ක් හා සැප්තැම්බර් මාසයේදී රුපියල් මිලියන 1,642ක් ලෙස ආදායම් ලබා තිබුණි.
මිල්කො ආයතනය කිරිපිටි හා යෝගට් අලෙවියෙන් මෙලෙස ඉහළ ආදායමක් උපයා ඇති අතර, නුදුරේදී හයිලන්ඩ් ගෝල්ඩ් නමින් නව කිරිපිටි වර්ගයක්ද හඳුන්වා දීමට නියමිතය.