තිරිගු පිටි සමාගම් පාන් නිෂ්පාදනය සදහා භාවිත කරනු ලබන පිටි කිලෝවක මිල රු 10 කින් (18) දින සිට අඩු කිරිමත් සමග (19) දින ග්රැම් 450 ක පාන් ගෙඩියක මිල රු 10 කින් අඩු කරන ලෙසට බේකරි හිමියන්ගේ සංගමයෙන් කල ඉල්ලිමට ඇතැම් වෙළදසැල් හිමියන් පාන් ගෙඩියක් රු 140 ක මිලකට අලෙවි කරන අතර, තවත් වෙළදසැල් හිමියන් පිරිසක් පැරණි මිලටම පාන් අලෙවි කරන අයුරු අප කැමරාවේ සටහන් විය.
නව මිලට තිරිගු පිටි තොග වශයෙන් ලබාගත් බේකරි හිමියන් නව මිලට පාන් අලෙවි කරන අතර, පැරණි තොග මිලට තිරිගු පිටි ලබාගෙන ඇති බේකරි හිමියන් එම පිටි තොග අවසන් වන තෙක් පාන් මිල අඩු කිරිමට නොහැකි බව පවසයි.
පාන් මිල අඩු කලද අනෙකුත් බේකරි නිෂ්පාදන මිල අඩු කිරිමට නොහැකි බවද බේකරි හිමියන් පැවසිය.
