ඛණිජ තෙල් නීති ගත සංස්ථාව විසින් 2022 වර්ෂයේ බොරතෙල් මිලදී ගැනීමේ දී මිල තීරණය කිරිම සඳහා වෙනස් මිල දර්ශකයක් යොදා ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 17,876 ක අතිරේක පිරිවැයක් සංස්ථාවට දැරීමට සිදු වී ඇති බව පසුගිය26 දින ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
2022 වර්ෂයේ දී ආනයනය කරනු ලැබූ බොරතෙල් බැරල් විසි ලක්ෂ විසි තුන් දහස් පන්සිය නවයකට (2,023, 509) අදාළ ගෙවීම් කිරීමේ දී වෙනස් මිල දර්ශක යොදා ගෙන ගෙවීම් කොට තිබූ බවද එම විගණනය මගින් අනාවරණය කොට ඇත.
ඒ ඒ නිෂ්පාදනවලට අදාළ ව සිංගප්පූරුවෙහි දෛනික මිල දර්ශනයට අනුව ගණනය කරන ලද මිලට සාපේක්ෂව සංස්ථාව විසින් සැපයුම්කාර සමාගමකට ඇමරිකානු ඩොලර් මිලයන 49 ක් හෙවත් අදාළ ආනයන සටහන්කරයේ සඳහන් විනිමය අනුපාතය පදනම්ව ගණනය කරනු ලැබූ රුපියල් මිලියන 17.876 ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුව තිබූ බව ද මෙම නිකුත් කරන ලද නවතම විගණන වාර්තවේ වැඩි දුරටත් සඳහන් වේ.