මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු , එයින් මුදා ගෙන අද (18දා) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
මෙම පිරිස අතර තරුණියන් 04 දෙනෙකු සහ තරුණයන් 10 දෙනෙක් සිටියහ . මොවුන් මියන්මාරයේ සයිබර් කඳවුරුවලින් මුදා ගෙන ,දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබේ .
ඔවුහු අද දහවල් 11.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මෙම පිරිස තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය ( I.O.M ) විසින් ලබා දී තිබේ .