මියන්මාරයේ සයිබර් ත්රස්තවාදීන් බලහත්කාරයෙන් රඳවගෙන සිටියදී බේරාගත ශ්‍රී ලාංකිකයන් 8 දෙනා බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගත් බවත් ඔවුන් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ගෙන්වීමට පියවර ගන්නා බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
2024 මාර්තු 4 වන දින මියන්මාර බලධාරීන් විසින් ම්යාවඩ්ඩි ප්‍ර දේශයේදී මෙම ලාංකිකයන් බේරා ගත් අතර පසුව ආගමන විගමන නිලධාරීන් භාරයෙ ඔවුන් තබා ගන්නා ලදී.
බැංකොක් සහ යැංගෝන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් පසු ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවද විදේශ අමාත්‍යාංශය කියයි.