මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 8ක් මියන්මාර රජයේ බලධාරීන් විසින් බේරාගෙන ඇති අතර ඔවුන් දැනට මියාවෙඩ්ඩි මධ්‍යම පොලිස් ස්ථානයේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා රජය විසින් දරන ලද අඛණ්ඩ උත්සාහයෙන් අනතරුව මියාවෙඩ්ඩි ප්‍ර දේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන වල සිරකරගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 56 දෙනාගෙන් අට දෙනෙක් මෙසේ බේරා ගැනීමට හැකිවී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බේරාගත් ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙසේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 56 දෙනා මියාවෙඩ්ඩි ප්‍ර දේශයේ ස්ථාන 4ක සිරගෙන කරගෙන සිටි අතර ඒ අතරින් එක් ස්ථානයක රඳවා සිටි ලාංකිකයන් 8ක් මෙසේ බේරා ගෙන තිබුණි.
විදේශ කටයුතු අමාත්‍යාංශය, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් මියන්මාර රජය සමඟ සමීප සහයෝගයෙන් මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ කොටු වී සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් බේරාගෙන නැවත මෙරටට ගෙන්වා ගැනීමට සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.