අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට මුදල් නොතිබීම හේතුවෙන් 50 හැවිරිදි බිරිද මිය ගිය පසු හොර රහසේම 39 හැවිරිදි සැමියා එදිනම රාත්‍රියේම ගේ පිටුපසු වලක් කපා බිරිද වල දමා ඇති බවත් එම මරණය නිත්‍යාණුකූලව සිදු කර නොමැති වීම හේතුවෙන් එම ස්වාමියා සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් බවත් මැදවච්චිය පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ රක්ෂිත රුමේෂ් අත්තනායක නැමැති පළවෙනි පටුමග, පණ්ඩුකාභය පුර,විජය පුර පදිංචි 39 හැවැරිදි අයෙකි.
මියගිය අශෝකා මාලනි නැමැති කාන්තාව සති දෙකකට වරක් තම මව බැලීමට මැදවච්චියට පැමිණෙන බවත් මීට දින කිහිපයක සිට ඇය නොපැමිණි බව පවසා ඇයගේ පවුලේ ඥාතියෙකු විසින් මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඒ අනුව මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා ඒ පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කර තිබුණි. එහිදී තොරතුරු ලබා දුන් පවුලේ ඥාතියෙකු ඇය භාවිත කළ දුරකථන අංකය මේ වන විට වෙනත් පුද්ගලයෙකු භාවිත කරන බව ද පොලිසියට පවසා ඇත.
ඒ අනුව පරික්ෂණ සිදු කරමින් එම පුද්ගලයා මෙම 50 හැවිරිදි කාන්තාව නිත්‍යාණුකූල නොවන විවාහයක් මත අනුරාධපුර ප්‍රදේශයේ එක් නිවසක ජීවත්ව සිට ඇති බවට පොලීසිය කරුණු අනාවරණය කර ගෙන තිබුණි.
එම දුරකතනය හරහා මෙම ස්වාමියායැයි කියන 39 හැවැරිදි පුද්ගලයා මැදවච්චියට ගෙන්වා ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණි. ඒ අනුව පෙරේදා (31) දින 2.20 ට පමන මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ බිරිඳගේ මවගේ නිවසේ සිටියදී මැදවච්චිය පොලිසිය විසින් මොහු අත් අඩංගුවට ගෙන ඇත.
එහිදී කළ මූලික විමර්ෂණ වලදී සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ තම බිරිදට අධික රුධිර පීඩනය ඇති බවත් ඒ බව ඇය පවසා පසුගිය 27 වැනිදා බෙහෙත් ගෙනවිත් දෙන ලෙසත් පවසා ඇති බවය. අතේ මුදල් නොතිබුණු මෙම පුද්ගලයා එදින වරුවකට ආසන්න කාලයක් කුලී වැඩ සිදු කර ලැබුනු මුදලින් පෙෂර් පෙති ගෙන ආ බවය.
අනතුරුව බිරිද කුස්සියේ මිරිස් ගල අසල බිත්තියට හේත්තු වී සිටිණු දැක එම ස්ථානයට විත් බිරිදට කතා කරන විට ඇය කතා කර නොමැති බවත් අනතුරුව බෙල්ල ප්‍රදේශයෙන් අල්ලා සිටි විට ඇය මිය ගොස් සිටි බවය. අනතුරුව අතේ මුදල් නොතිබීම හේතුවෙන් රාත්‍රී කාලය වන තුරු සිට තමන් බිරිදව ගේ පිටුපස අඩි 04 ක පමන වලක් කපා තනිවම වල දමා ඇති බවත් සැකකරු පාපොච්චාරණය කර ඇත.
ඒ අනුව එම මරණය ස්වාභාවික මරණයක්ද යන්න පරික්ෂණ පොලීසිය සිදු කරන අතර එහි වැඩි දුර පරික්ෂණ සඳහා සැකකරු ඊයේ (31) සවස අනුරාධපුර පොලිසිය වෙත භාර දීමට මැදවච්චිය පොලිසිය කටයුතු කළේය.
සිඩ්නි රුවන් උඹේපාල